මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා විසා බලපත්‍ර නිකුත් කරන ක්‍රම​වේදයෙන් ඉවත් වී විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත එය ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන යන බව වෘත්තීය සමිති පෙන්වා දෙති. මෙතෙක් වීසා බලපත්‍ර ලබාදීමේදී අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීම (Online) හා ගුවන් තොටුපොළ වෙත පැමිණ (On Arrival) වීසා අයැදුම් කිරීමේ ක්‍රමවේදය මගින් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවට තොරතුරු වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ මෙම තීරණය ගෙන ඇත. aruna

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඔහුගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන […]

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (27) ප්‍රතික්ෂේප කළේය. දමිතා […]

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වසර 2011 වසරේ ඉදිකිරීම් […]

රට පුරා පිහිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හැත්තෑවක මාස ගණනක සිට සේවකයන්ගේ මාසික වැටුප නිසි පරිදි ගෙවා නොමැති බව වාර්තා වෙයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ 107ක් රට පුරා පිහිටා තිබේ. සේවක වෘත්තිය සමිති සඳහන් කරන්නේ ලංගම සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රතිපාදන අවම කිරීම හා ලංගම ආදායම් වලින්ම පඩි […]

ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.  උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ එම රෝහලේ සිදුකළ  සාර්ථක අක්මා ශල්‍යකර්මයකින් සුවය ලැබූ  […]

වසර ගණනාවක් තිස්සේ විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම නිලධාරීන්ට සහනයක් ලබාදීමට පොලිස් මුලස්‌ථානය තීරණය කර ඇත. ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ කාර්යය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත බාර දී තිබේ. පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධයෙන් විවිධ කාලසීමාවන්වලදී ආරම්භ කර කාලයක් තිස්සේ දිග්ගැසෙමින් […]

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට්  ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට්  අනුමැතිය ලැබී […]

29 වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන්/උත්සවයන් වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.