බුරවි සුළි කුණාටුව යන ගමන
මේ වන විට නිරතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හමා යන ” බුරවි “සුළි කුණාටුව අද හවස් භාගයේ ලංකාවේ ත්‍රිකුණාමලය පේදුරුතුඩුව අතරින් මුලතිව් ප්‍රදේශයට ආසන්නව ඊසානදිග වෙරලෙන් මෙරටට ඇතුළු වී නැගෙනහිර, උතුරු, උතුරුමැද ,වයඹ, මධ්‍යම හා සබරගමු පළාත් වලට හානිදායක ලෙස පැයට කිලෝමීටර 80 – 90 ත් දක්වා පමණ වන බවත් විටන් විට කිලෝමීටර 100 දක්වාත් වැඩිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ හේතුව නිසා ඉහත ප්‍රදේශ වලට 200mm පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි අතර බොහෝ අලාභ හානි ද ඇති විය හැක.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 1 ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.
දිවයිනට ඇතුළු වෙමින් පවතින බුරවි සුළි කුණාටුවෙන් විපතට පත්විය හැකි ප්‍රදේශයක් ලෙස සැලකෙන නැගෙනහිර පළාතේ ත්රිකුණාමයල දිස්ත්‍රික්කයෙහි පදිංචි පවුල් 7500ක් සිය වාවස්ථාන වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත රැගෙනයාමට මේවනවිට කටයුතු කරමින් සිටින බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි.ඒ අනුව ආරක්ෂිත ස්ථාන 237ක ඔවුන් තාවකාලිකව පදිංචිකරන බවද දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කරයි.
සුළි සුළං අවස්ථාවේදී හැකිතාක් ගෘහස්ථව රැඳී සිටිමටත් , හැකිනම් විදුලිය සහ ජලය ක්‍රියා විරහිත කර හෝ තම සිටින ස්තානයේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටිමටත් ,විදුලි උපකරණ විසන්ධි කර තැබීමත් උචිත වේ. එලෙසම හැකි පමනින් පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කිටරිමත් වැදගත්වේ.